දෙදරු පියෙකුට මරු කැඳවූ අනතුර

නාවලපිටිය රෝහල ඉදිරිපිට දී සිදුවු අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නාවලපිටියේ සිට කොත්මලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අතුරු මාර්ගයකට ඇතුළු කිරීමට යෑමේ දී අනතුර සිදුව ඇත.

එම අවස්ථාවේ දී වෑන් රථයේ කණ්ණාඩියේ ගැටී අදාළ පුද්ගලයා බිම වැටී ඇති අතර පසුව වෑන් රථයේ රෝදයට යටවී ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ, නාවලපිටිය බව්වාගම නව ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි එස්.පී. හේරත් නැමති 59 හැවිරිදි දෙදරු පියෙකි.

වෑන් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති අතර, රියදුරා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නාවලපිටිය පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.