බදු පනතට එරෙහිව පුළුල් වෘත්තීය සමිති පෙරමුණකින් හෙට ජාතික විරෝධතාවයක්

වෘත්තිකයින් වෙත පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට එනම් (22) දින ජාතික විරෝධතා දිනයක් වශයෙන් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුලු වෘත්තීය සමිති නම් කොට ඇත. මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් මහතාගෙන් අප කල විමසීමකදී ඒ මහතා සඳහන් කර සිටියේ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව වශයෙන් රෝහල්වල කටයුතු වලට බාදවක් නොවන අයුරින් ජාතික විරෝධතා දිනයට සමගාමීව හෙට (22) කොළඹ කොටුවෙහි ඇති විරෝධතාවයට තමන් සම්බන්ධ වන බවයි.

ඉදිරි සතිය තුල ජනාධිපතිවරයාගේ සුභවාදී සාකච්ඡාවක් බලාපොරෝත්තුව සිටින බව පැවසු ඒ මහතා එය අසාර්ථක වූවහොත් මාර්තු 01 දින සිට සියලු වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීමට පසුබට නොවන බවට හෙතෙම පැවසීය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා විශ්ව විද්‍යාල වෘත්තීයවේදීන්ගේ සංගමය, ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සහ ජල, වරාය, ටෙලිකොම් ඇතුලු වෘත්තීය සංගම් සහභාගීවන බවට වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

මෙම ජාතික විරෝධතා දිනයට සමගාමීව මාතර, ගාල්ල, මහනුවර ඇතුලු ස්ථාන 10ක ප්‍රා දේශිය විරෝධතා පැවැත්වීමට නියමිත බවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රකාශ කලහ.

Leave a Reply

Your email address will not be published.