අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 3000ක් ගැන තීරණයක් ගනී

දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3000ක් දහනය කර විනාශ කිරීමට නව නිත්‍යානුකූල විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විදේශීය රටවල් වල සිටිමින් මෙරටට මත් ද්‍රව්‍ය එවනු ලබන ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් ලබාදීමටද පියවර ගන්නා බවය.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල වශයෙන් වැඩිවි ඇති අතර, ඔවුන් ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීම කළ නොහැකි බවත්, දකුණු සහ උතුරු මුහුදු මාර්ගයෙන් විශේෂයෙන් ධීවර බෝට්ටු හරහා මත් ද්‍රව්‍ය මෙරටට ගෙන එන බවත්, නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මත් ද්‍රව්‍ය ගෙන ඒම පාලනය කිරීමට කටයුතු කරන බවත්, මෙරටට මත් ද්‍රව්‍ය ගෙන එන ජාත්‍යන්තරව ක්‍රියා කරනු ලබන ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීම සිදු කරන බවත්, මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් නිවාස අඩස්සියේ තබා පුනරුත්ථාපනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කරන බවත්, අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.