පාතාලේ බුම්මාගේ ගෝලයෙක් කුඩු සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ස්ටැන්ලි කෙනෙඩි නොහොත් “බුම්මා” ගේ ගෝලයෙකු පොලීසිය විසින්අ ත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් 24 හැවිරිදි සැකකරු ඊයේ (23) මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට පත් සැකකරු මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණ වී තිබේ.

ඔහු සතුව තිබූ මිලිමීටර් 09 මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව උණ්ඩ 04ක් ,හෙරොයින් ග්‍රෑම් 20ක්, කඩු දෙකක්, ත්‍රීරෝද රථයක් සහ ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published.