රුසියානු කාන්තාවක් රැගෙන ගිය මෝටර් රථය අනතුරට – රියදුරා මරුට

රුසියානු ජාතික කාන්තාවක් රැගෙන යමින් සිටි මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ප්‍රදේශයේ දී නවතා තිබුණු  ලොරියක ගැටීමෙන් මෝටර් රථය පැදවූ ගුවන් හමුදා සැරයන්වරයෙකු  මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත  ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පදිංචි  මධුෂාන් ද සිල්වා නැමති 33 හැවිරිදි විවාහක පුද්ගලයෙකි 

ගාල්ල ප්‍රදේශයේ සිට රුසියානු ජාතික කාන්තාව කටුනායක ගුවන්තොටුපලට ඇරලවීම සඳහා  යමින් සිටියදී   මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි

හොරණ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සිට සබන් තොගයක් රැගෙන කොළඹ දෙසට යමින් තිබූ ලොරි  රථයේ පිටුපස රෝදයක ගැටලුවක් මුල් කරගෙන එය කිලෝමීටර් 1.1  කිලෝමීටර් 1.2 අතර කහතුඩුව කොට්ටාව අතර ප්‍රදේශයේ නවතා තිබියදී මෝටර් රථය ලොරියෙ දකුණු දෙස පිටුපස ගැටී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය විය

අනතුර සිදු වූ වහාම එම ස්ථානය ළඟා වූ පොලිස්  විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෝටර් රථය තුල සිරවී සිටි ගුවන් හමුදා සැරයන් වරයාව  දැඩි  පරිශ්‍රමයක් දරා පිටතට ගෙන රුසියන් ජාතික කාන්තාවක් සමග හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත. අනතුරුව පැය දෙකක 2 ක පමණ කාලයකින් පසුව ගුවන් හමුදා සැරයන් වරයා මියගොස් තිබූ බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.