උද්ඝෝෂකයින් ට අධිකරණ නියෝගයක්

ජාතික ජන බලවේගය අද (26) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන හා විරෝධතාවය වළක්වාලන්නැයි කොටුව පොලීසිය කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබේ.

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය හෝ ගාලු මුවදොර පිටියට ඇතුළුවීම හෝ පොදු දේපොළවලට හානි නොකරන ලෙසටත් එම අධිකරණ ආඥාවේ සඳහන්ය.

ජාතික ජන බලවේගය අද පස්වරුවේ කොළඹදී විරෝධතා පාගමනක් හා විරෝධතාවයක් සංවිධානය කර ඇති අතර, විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු වෙනත් ගොඩනැඟිලිවලට ඇතුළුවීමට සැලසුම් කරන බවට තොරතුරු ලැබී ඇති නිසා එය තහනම් කරන්නැයි කොටුව පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලිමක් කර තිබේ.

එම ඉල්ලිම මත විරෝධතාවය හා පාගමන මෙහෙයවන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නම් කළ පුද්ගලයින් 26 දෙනෙකුට හා ඊට සම්බන්ධවන පිරිස වෙත අද පස්වරු 1 සිට රාත්‍රි 8 දක්වා බලපැවැත්වෙන පරිදි අධිකරණය ආඥාවක් නිකුත් කර ඇත.

ඒ අනුව කොටුව පොලිස් වසමේ නම් කළ මාර්ග අවහිර නොකරන ලෙසටත්, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය හා ගාලු මුවදොර පිටියට ඇතුළුවීමෙන් වළකින ලෙසටත්, පොදු හා පෞද්ගලික දේපොළවලට හානි නොකරන ලෙසටත්, ප්‍රචණ්ඩකාරී ක්‍රියා නොකරන ලෙසටත් එම ආඥාවේ සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.