උඩමළුව විහාරයේ වාහන තුන ගැන විධිමත් වාර්තාවක් ඉල්ලයි

අපවත්වී වදාල පල්ලේගම සිරිනිවාස නාහිමියන් අටමස්ථනාධිපති ධූරය දරමින් සිටියදී පරිහරණය කළ අනුරාධපුර අටමස්ථානයට (උඩමළුවට) අයත් අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක් සහ මෝටර් රථයක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු  නීති විරෝධීව රැගෙන ගොස් සන්තකයේ තබා ගෙන පරිහරණය කරමින් සිටින බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක්  වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළේය

ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය බී වාර්තාවක් මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි

අනුරාධපුර අටමස්ථානයට (උඩමළුව පන්ස) අයත් ජීප් රථ දෙකක් සහ මෝටර් රථයක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන තිලක් නමින් හඳුන්වන පුද්ගලයකු  නීති විරෝධීව රැගෙන ගොස් සන්තකයේ තබා ගෙන ඒවා පරිහරණය කරමින් සිටින බව පවසමින් අනුරාධපුර බෝමළුව විහාරවාසි කැකිරාවේ ඥාණසිරි හිමියන් ෙ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර අති බව පොලිසිය අධිකරණයට දැන් වීය.

Leave a Reply

Your email address will not be published.