රෙදි කඩේ ගින්නට බිලි

මොරටුව  නගරයේ ත්‍යාගභාණ්ඩ සහ නිමි ඇඳුම් වෙළඳස සැලක අද (27) අලුයම හදිසියේ වූ ගින්නකින් එම වෙළඳසලට බරපතල හානි සිදුව ඇතැයි  මොරටුව ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසීය.

ගින්න ඇතිවන අවස්ථාවේ  වෙළඳ සැල් හිමියන් එහි සිට නැති අතර වෙළඳසැල ආරම්භ කිරීමට ආසන්න අවස්ථාවේදී මෙම ගින්න ඇති වී ඇතැයි ඒ මහතා පැවැසීය.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙළඳසැලේ අලෙවිය සඳහා තබා තිබූ බැටරිවලින් ගින්න හටගන්නට ඇතැයි ගිනි නිවන ඒකකයේ ස්ථානභාර නිලධාරීවරයා සැක පල කරයි.

 එමෙන්ම මේ වන විට ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න මුළුමනින්ම පාලනය කොට ඇති අතර ජීවිත හානි සිදුවී නැති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.