ඉන්දීයාවෙන් ලංකාවට පැමිණි අමුත්තා

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 27) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.   

 මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘INS Sukanya’ නෞකාව, දිගින් මීටර් 101 ක් හා නැව් මුළුව 106 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී Commander Pranav Anand  සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද  උදෑසන බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

 තවද, ‘INS Sukanya’ නෞකාව නැරඹීම සඳහා ගාල්ල/ දියකිතුල්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ පාසැල් ළමුන් පිරිසක් පැමිණීමට හා ඔවුන් වෙත ඉන්දියානු නාවික හමුදාව වෙතින් ලබා දුන් පාසැල් උපකරණ ප්‍රදානය කිරීමක්ද  සිදුකිරීමට නියමිතව ඇත.

එමෙන්ම, ‘INS Sukanya’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, මෙරට වැදගත් ස්ථාන නැරඹීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.  

මෙම නිල සංචාරය නිමාකරමින් 2023 මාර්තු මස 01 වන දින ‘INS Sukanya’ නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.