රේගුවෙන් කෝටි 23 ක කොකේන් අල්ලයි

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අද (28) උදෑසන තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

බොලීවියානු ජාතික 26 හැවිරිදි තරුණියක් වන ඇය සතුව තිබී රුපියල් 16 කෝටි 50 ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පැවසීය.

ඇය අද උදෑසන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරියෙකු පැවසුවේ, මෙසේ රැගෙනවිත් ඇති කොකේන් ද්‍රාවණය තුළ කොකේන් මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය ඉහළ මට්ටමක පවතින බවට වාර්තා වෙන බවය. 

ඇය විසින් එක් ගමන් මල්ලක් පමණක් රැගෙනවිත් තිබූ අතර, ඒ තුළ ඇඳුම්, රෙදිපිළි තිබී ඇත.

ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය ද්‍රාවණයක් සේ සකස් කර
බෑගයේ ඇතුළත වූ රෙදිවලින් නිමකර ඇති සාක්කු ඇතුළු කොටස් කොකේන් දියරයකින් පොඟවා ගෙනැවිත් තිබේ. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 600ක බරකින් යුන්ත වන අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 230 ක් හෙවත් රුපියල් කෝටි 23ක් බවට අනුමාන කෙරේ.

ඇයට මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර දීම සඳහා අමෙරිකානු ඩොලර් 500ක මුදලක් හිමිවීමට නියමිතව තිබූ බවද හෙළිවී ඇත.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත ගමන් මල්ල කටුනායක ගුවන් තොපුපොළ පරිශ්‍රයෙන් පිටතට රැගෙනවිත් ලබාදීමට නියමිත දුරකථන ඇමතුමකට අනුව කිසියම් පුද්ගලයෙකු පැමිණ එය රැගෙන යෑමට ද නියමිතව තිබී ඇත.

Leave a Reply

Your email address will not be published.