පානදුරේ වෙඩිතැබීමෙන් මියගිය ව්‍යාපාරිකයා ගැන තවත් තොරතුරු

පානදුර පිංවත්ත ටී. ඩීමන් සිල්වා මාවතේ දී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පින්වත්ත පොලීසිය පැවසීය.

ගාලු පාර දෙස සිට මුහුදුබඩ මාර්ගය දෙසට ගමන්කර ඇති සුඛෝපභෝගී ජීප් රථයට යතුරු පැදිකරුවන් දෙදෙනෙකු පැමිණ වෙඩි තබා පළා ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලීසිය සඳහන් කළේය.

සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ ව්‍යාපාරිකයා රියදුරු අසුනේම මියගොස්  සිට ඇති අයුරු දැකගත හැකි විය.

සම්පත් කුඩාගොඩ නමැති 56 හැවිරිදි කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

මියගොස්  ඇති තැනැත්තා කඩවත ප්‍රදේශයේ රට බීම හලක හිමිකරුවෙකු බවත් පොලීසිය පැවසීය.

යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් වෙඩි තබන්නට ඇති බවට සැක පළ කරන බවත් ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇති තැනැත්තාට පානදුර පිංවත්ත ටී. ඩීමන් සිල්වා මාවතේද ඉදිකරමින් පවතින දෙමහල් නිවසක් ඇති බවත්, දරුවන් පාසලට ඇරලවා පින් වත්තේ නිවස වෙත එමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලීසිය පවසයි.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.