අම්බලන්ගොඩත් වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ, කුලීගොඩ, මීටියාගොඩ මාර්ගයේ ගොන්නදූව ප්‍රදේශයේ අද (28) උදෑසන සිදුවු වෙඩිතැබීමකින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ,  42 හැවිරිදි සුදත් සිරි නැමති මාදම්පාගම, උස්මුදුල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා සිය බිරිඳව රාජකාරි ස්ථානයෙන් බස්සවා නැවත නිවස බලා එන අතරතුර දී මෙලෙස වෙඩිතැබීමට ලක්ව තිබුණි.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයෙක් හෝ වෙඩික්කරු පැමිණි වාහනයක් පිළිබඳ මෙතෙක් තොරතුරු සොයාගැනීමට හැකිව නොමැත.

වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බලපිටිය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published.