2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දෙමළ මාධ්‍යයේ ප්රථමයාවීමට යාපනය, මල්ලාකම් පිහිටි තංගම්මා අප්පාකුට්ටි කණිෂ්ඨ විද්‍යාලයේ සුරේන්දර් සබීන් සිසුවා සමත්විය.
එහිදී ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 188කි.
යාපනය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි අදාළ විද්‍යාලයේ දරුවෙකු ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වු පළමු අවස්ථාව මෙය බව ප්‍රදේශයේ ගුරුවරුන් සඳහන් කරයි.
සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සුරේන්දර් සබීන් ප්‍රකාශ කළේ,
තමන් ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වු අතර තමන්ගේ දෙමාපියන්ට හා තමන්ට කුඩා කළ සිට අධ්‍යාපනය ලබාදුන් සියලුම ගුරුවරුන්ට සිය ස්තූතිය පිරිනමන බවය.
තමන් ඉදිරියේදීත් නිසි අයුරින් අධ්‍යාපනය හදාරා රටට වැඩදායී පුද්ගලෙයකු වීමට අපේක්ෂා කරන බව දරුවා සඳහන් කළේය.
ඉකුත් අගෝස්තු 9වැනිදා පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටියේය.
එමෙන්ම මෙවර කඩයිම් ලකුණු වන්නේ 139 වන අතර ප්‍රතිඵල අනුව සිසුන් 56,000ක් කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව ඇත.
මෙවර විභාගට විශේෂ අවස්ථා සහිත සිසුසිසුවියන් 1,018ක් පෙනී සිට ඇති අතර බේල් මාධ්‍යයෙන් දරුවන් 18 දෙනෙකු පෙනී සිටි බව වැඩිදුරටත් සඳහන්ය.


