පෙබරවාරි මස සංචාරකයන් ලක්‍ෂය පනී

මෙම මස තුළ (පෙබරවාරි) මෙරටට විදේශ සංචාරකයින් ලක්‍ෂයකට අදික පිරිසක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අදිකාරිය පවසයි.

මෙම මස 26 වැනිදා වන විට සංචාරකයන් ලක්‍ෂය ඉක්මවූ බවත් පසුගිය ජනවාරි මාස සංචාරකයින් 102,545 ක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් එම අධිකාරිය කියයි.

මෙම මස ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් රුසියානු ජාතිකයන් බවත් ඉන්දියාව, බි්‍රතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය යන රටවලින්ද සංචාරකයන් වැඩි සංඛ්‍යාවකත් පැමිණ ඇති බවත් එම අධිකාරිය වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published.