අමාත්‍යංශයේ අත්තනෝමතික ක්‍රියා නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයම කඩා වැටිලා

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුවෙන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම  සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව අද (28) දින රජයේ වෛද්‍ය නිලධාරී සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ජාතික සමඟි සෞඛ්‍ය සේවක සංගමයේ සභාපති නන්දන පුෂ්පකුමාර මහතා පැවසීය.

එදා ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවය බවට පත්ව තිබූ මෙරට සෞඛ්‍ය සේවය අද වන විට පහතටම කඩා වැටී ඇති බවත්, සෞඛ්‍ය සේවය කඩා වැටීමට හේතුව රජයේ අදූරදර්ශී පාලනය සහ පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ඖෂධ හිඟය සහ උපකරණ හිඟයයි. ඒ සඳහා ප්‍රති උත්තර ලබා දීමට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යංශය සමත්ව නොමැති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය 

Leave a Reply

Your email address will not be published.