කුඩුත් එක්ක ආධුනික පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය  මිලිග්‍රෑම් 405 ක් සමඟ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පොලිස් කණ්ඩායමක් විසින් අනුරාධපුර නගරයේ පිහිටිපෞද්ගලික බැංකුවක් අසලදී ඊයේ 28 වෙනිදා  දහවල් කාලයේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි අයෙක් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

මොහු රාජකාරි කරන පොලිස් ස්ථානයෙන් නිවාඩු නොලබා  අනවසරයෙන් පේමඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණ සිටි අයෙක් බවද පොලිසිය පවසයි.

අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති

Leave a Reply

Your email address will not be published.