මෙක්සිකෝවේ සංචාර කිරීමෙන් වළකින්නැයි දැනුම්දීමක්

සති අන්තයේ දිනවල මෙක්සිකෝවට නොයන ලෙසට එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ බලධාරීන් අමෙරිකානු පුරවැසියන්ට උපදෙස් දී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රචණ්ඩත්වය සහ ආරක්ෂක හේතූන් මත අදාළ උපදෙස් ලබා දී ඇති බව ටෙක්සාස්හි මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය සතියේ මෙක්සිකෝ දේශ සීමාව තරණය කළ අමෙරිකානුවන් හතර දෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

අදාළ සිදුවීම් සැලකිල්ලට ගනිමින් සති අන්තයේ මෙක්සිකෝවේ සංචාර කිරීමෙන් වළකින ලෙස ටෙක්සාස් බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published.