තරුණිය මියයාමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මහනුවර නිල සුනඛ කොට්ඨාසයේ ද සහාය ලබාගනිමින් අලවතුගොඩ පොලිසීය විසින‍් කළ මෙහෙයුමකදීය.

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුුරක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් ඊයේ (11) උදෑසන හමුවී තිබුණි.

එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි විවාහක තරුණියක් බව පොලීසිය සඳහන් කරයි.

එම තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමකදී සිරුර හමුවී තිබුණි.

එලෙස මිය ගොස් ඇත්තේ, 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් විවාහක තරුණියකි.

පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැමියා හා එක්ව ඇය වෙළෙඳසැළක් පවත්වාගෙන ගොස් ඇති බවය.

ඊයේ රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළෙඳසැළ වසා දමා අවමඟුල් උත්සවයකට සහභාගී වන බව පවසා තරුණිය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

පසුව ඔහු අලුයම 2ට පමණ නැවත නිවසට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරුව අලුයම් කාලයේදී ඔවුන් දෙදෙනා පදිංචි නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණු බවට ප්‍රදේශවාසීන් පොලීසියට පවසා තිබේ.

මියගිය තරුණිය සහ ඇයගේ සැමියා අතර පවුල් ආරවුල් පැවැති බවටද ප්‍රදේශවාසීන් පවසා ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

මෙය ඝාතනයක් බවට සැක මතුවන බැවින් සැමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.