පරිප්පුවා ට වෙඩි තැබූ තුනක් අත්අඩංගුවට‍

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් “පරිප්පුවා” නැමැත්තාව වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය පොලීසිය සිදුකළ විමර්ශනයකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.

ඒ අනුව, ඝාතනය සිදුකිරීමට සැලසුම් කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩිතැබීම සඳහා භාවිත කළ යතුරුපැදියේ පැදිකරු ද ඉහළ බෝමිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදිය ද බොරැල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් අවුරුදු 28ත් 34ත් අතර වයස්වල පසුවන සැකකරුවන් තිදෙනා අද (13) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය මාර්තු 7 වනදා රාත්‍රියේ වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටුවිල ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් තිබුණි.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි

Leave a Reply

Your email address will not be published.