නිරුවත් ඡායාරූප පෙන්නා ලක්ෂ 26ක් කප්පම් කාලා

පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි  රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට  සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි

මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්වල ප්‍රදේශයේ පදිංචි අයකු සමග  අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර වාරයේ රාජ්‍ය නිලධාරිණිය ගේ නිරුවත් ඡායාරූප අනියම් සැමියා ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

සැකකරු 2019 වසරේ සිට රාජ්‍ය නිලධාරිණිය බියට පත්කරවරින් වර මෙම මුදල ඔහු විසින් ලබාදුන් බැංකු ගිණුමක තැන්පත් කරවාගෙන කරවා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

රාජ්‍ය නිලධාරිනිය මේ බව ශ්‍රී ශ්‍රීපුර පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.

රාජ්‍ය නිලධාරිනිය කළ පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ශ්‍රීපුර පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply

Your email address will not be published.