සැමියා සමග අමනාපවී නිවසෙන් ගිය කාන්තාව අභිරහස් ලෙස මරුට

පිළියන්දල සුවාරපොළ නිවසක් තුළ දෙඅත් රෙදි පටියකින් ගැටගසා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව පිළියන්දල පොලීසිය කියයි.

ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබූ බව පොලීසිය පැවසීය.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් තිබුණේ 27 හැවිරිදි විවාහක කාන්තාවකි.

මියගිය කාන්තාව මීට දින කිහිපයකට ඉහතදී සැමියා සමග අමනාපවී මවගේ නිවසට පැමිණ සිටියදී මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) පැවැත්වීමට නියමිතය

Leave a Reply

Your email address will not be published.