මිලියන 1.1ක සුබසාධන තොරතුරු තහවුරු කර අවසන් 

මිලියන 1.1ක සුබසාධන අයදුම්පත් මේ වනවිට තොරතුරු තහවුරු කර අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 334ක් හරහා අයදුම්පත් මිලියන 3.7ක් ලැබී තිබූ බවය.

සුබසාධන අයදුම් පත්‍ර පිළිබඳව සිදුකෙරෙන “තොරතුරු නිරවද්‍යතාවය සෙවීමේ ක්‍රියාවලිය” මාර්තු 31 වනදා වනවිට නිම කිරීමට නියමිතය.

එබැවින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ලබාදෙන තොරතුරුවල නිරවද්‍යතාවය සුරකින ලෙසය. 

නැතහොත් අයදුම්කරුවන්ට එම ප්‍රතිලාභ අහිමිවිය හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
 

Leave a Reply

Your email address will not be published.