පශු සම්පත් සංවර්ධනයට ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය

බිඳ වැටී ඇති මෙරට පශු සම්පත් සංවර්ධන අංශය යළි නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර තිබේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවක දී අදාළ එකඟතාව පළ වී බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය.

අවස්ථා කිහිපයක දී ඉන්දීය මහකොමසාරිස්වරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක් පවත්වා තිබේ.
 
මෙරට තුළ වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගව විශේෂ නොමැතිවීම හේතුවෙන් උසස් වර්ගයේ ගවයින් මෙරටට ලබාදීමට ද ඉන්දීය රජය එකඟතාවය පළ කර ඇති බව සදහන් වේ.
 
පසුගිය වසරේ මෙරට කිරි හා කිරි නිෂ්පාදන කර්මාන්තය 19% කින් පමණ පහත වැටී ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.