දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන තත්ත්වයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබෙනවා. ගෝමරන්කඩවල, කිරින්ද සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලට මෙම කම්පන දැනී ඇති බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

එම කම්පන තත්ත්වයන් රික්ටර් මාපකයේ ඒකක 3ක් ලෙසට සටහන් වී තිබෙනවා. කිරින්ද ප්‍රදේශයෙන් වාර්තා වූ චලනය ඒකක 2.6ක අගයක් ගන්නා බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියාසිටියේ.

Leave a Reply

Your email address will not be published.