ශ්‍රී ලංකාවට IMF එකෙන් මුලින්ම ලැබෙන මුදල ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කළේය.

එහි සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් එම අනුමැතිය ලබාදුන් බවය.

ඒ යටතේ ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබාගත හැකිය.

එසේම මෙම පහසුකම ලැබීම හේතුවෙන් අනෙකුත් පාර්ශ්ව වලින් ද අරමුදල් සපයා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවෙයි.

මෙම මූල්‍ය පහසුකම මාස 48ක කාල රාමුවක් සඳහා බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්

Leave a Reply

Your email address will not be published.