කිතුල්ගල පොලිස් වසමේ කොළඹ – හැටන් මාර්ගයේ ඉංගිරියාවත්ත ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පස් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (20) සවස හැටන් සිට කරවනැල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුර සිදුව තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු, එහි ගමන්කළ ගැබිනි කාන්තාවක් සහ දැරියක් තුවාල ලබා තැලිගම රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැරිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර ඊයේ පස්සර පොලිස් වසමේ මහනුවර – මඩකලපුව ඒ 5 මාර්ගයේ ඉංගිරියාවත්ත ප්‍රදේශයේ දී පස්සර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව අනතුරක් සිදුව තිබුණි.
එහිදී මාර්ගය අයිනේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ ද ගැටී මෝටර් රථය ප්‍රපාතයට පෙරළී ඇත.
එහිදී බරපතළ තුවාල ලැබූ 37 හැවිරිදි පදිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.