වර්ජනය මැද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත් තීරණය

වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

අද කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසීය.

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තිය සමඟ ඇතිවී තිබෙන දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලබන බ්‍රහස්තින්දා ජනාධිපතිවරයා හමුවන බව එම සංගමය පවසයි.

Leave a Reply

Your email address will not be published.