2023 ආසියානු කුසලානය පැවැත්වෙන්නේ මෙහෙමයි

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදිම පාකිස්තානයේදී පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඉන්දියා කණ්ඩායම සහභාගි වන තරග පමණක් පාකිස්තානයේදී නොපැවැත්වීමටද අවධානය යොමුව තිබේ.

මීට පෙර සැලසුම් කළ පරිදි 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත අතර ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන තරග පමණක් පාකිස්තානයෙන් පිටතදී පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනික විරසකභාවය නිසා ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකිරීම, ඉන්දියා කණ්ඩායම සහභාගි වන තරග පාකිස්තානයෙන් පිටතදී පැවැත්වීමට හේතු වී තිබේ.

ඒ අනුව ආසියානු කුසලානයේ ඉන්දියාව සහභාගි වන තරග පමණක් වෙනත් රටකදී පැවැත්වීමට සැලසුම් සකස් කරමින් පවතින අතර එම තරග එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, ශ්‍රී ලංකාව හෝ එංගලන්තය යන රටවල් අතරින් එක් රටකදී පැවැත්වෙනු ඇත.

2023 ආසියානු කුසලානය පන්දුවාර 50 තරගාවලියක් ලෙස සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.