නීතිඥ සංගමයේ නව සභාපතිගේ මතය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා අද (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

එහිදී ඔහු සඳහන් කළේ, පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවය.

2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඡන්ද විමසීමකින් තොරව පසුගියදා තේරී පත් වුණි.

ඒ, එම තනතුර සඳහා ඔහු පමණක් නාමයෝජනා භාරදී තිබීම හේතුවෙනි.

මේ අතර නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් 13දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා වන නිලවරණය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදෑසන පැවැත්වුණි.

නීතීඥ සංගමයේ මීට පෙර සභාපතිධුරය හෙබවූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.

එමෙන්ම එම අවස්ථාවට නීතිපති සංජය රාජරත්නම් මහතා ද එක්වී සිටියේය.

අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 49 වැනි සමුළුව ආරම්භ වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.

Leave a Reply

Your email address will not be published.