දක්ෂිණ අධිවේගයේ අනතුරක් – රියදුරාටත් ප්‍රහාරයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී බස් රථයක සහකන්ටේනර රථයක් ගැටී තිබුණි.

එහිදී පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි.

ඊයේ (26) රාත්‍රී 10.00 පමණ එම අනතුර සිදුව තිබුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර උතුර, පැල්පොළ ප්‍රදේශයේදීය.

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් කන්ටේනර් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී එම අනතුර සිදුව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 38 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වෙයි.

අනතුරින් පසු වහා ක්‍රියාත්මක වූ ගැලනිගම පොලිස් ස්ථායේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තුවාලකරුවන්ව කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේදී බස් රථයේ පැමිණි මගී කාන්තාවක් කන්ටේනර් රථයේ රියදුරාට පහරදීමත් සමග සෙසු මගින්ද ඔහුට පහරදී ඇතැයි පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.