බිත්තර ගැන වාර්තාව හෙට

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර පිළිබඳ වාර්තාව හෙට (29) නිකුත් කිරීමට නියමිතව තිබේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ඒ බව සඳහන් කළාය.

මේ අතර, අද වන විට දින හයක් ගතවුවත් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගය මෙතෙක් වරායෙන් නිදහස් කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙතෙක් පියවර ගෙන නොමැත. 

මේ අතර අදත් සුපිරි වෙළෙඳසැල් ඇතුළු බොහෝ ස්ථානවල බිත්තර හිඟයක් දක්නට ලැබුණි. 

වෙළෙඳපොළේ බිත්තර මිල පාලනයට සහ බිත්තර හිඟයට පිළියම් ලෙස වෙළෙඳ අමාත්‍යාංශය ඉන්දියාවෙන් බිත්තර මිලියන 02ක් පසුගිය බ්‍රහස්පතින්දා මෙරටට ආනයනය කර තිබුණි.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ, බිත්තර නිදහස් කිරීම සඳහා මෙතෙක් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් අවසර ලබා දී නොමැති බවය. 

කෙසේ වෙතත් බිත්තර ආනයනය වෙනුවට රජය කළ යුත්තේ මෙරට බිත්තර නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.