ඡන්දයක් පැවැත්වීමට නොහැකි තරම් රට බංකොලොත් නෑ

ඡන්දයක් පැවැත්වීමට නොහැකි තරම් රට බංකොලොත් නොමැති වුවද ආණ්ඩුව දේශපාලන වශයෙන් බංකොළොත් බවත් වැරදි පාලනය රට මෙම තත්වයට ඇඳදමා ඇති අතර කැබිනට් මණ්ඩලය මමයි රජා න්‍යායෙන් මිදී සංවාදයක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා අද (28) පැවසීය.

වාහනයක් නතර වූ පසු  නැවත පණගැන්වීමට මෙන් 16 වතාවක් අයි.එම්.එෆ්. එකට රට තල්ලු කර වැරදියට පදවන රටේ නායකයෝම නැවතත් අයි.එම්.එෆ්. ගිය බව සඳහන් කළ හේරත් මහතා අයි.එම්.එෆ්. මුවාවෙන් ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම කරගෙන යන බව ද කීය.

රජයට අයිති කොටස් විකිණීමට රජයට අයිතියක් තිබුණ ද අයි.එම්.එෆ්. වාර්තාව ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට බවත් අනුප්‍රාප්තික ජනාධිපති වරයෙක් යටතේ රජයට අයිති කොටස් විකිණීම සුදුසු නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

අයි.එම්.එෆ්. තල්ලුව සාධනීය කරගැනීම සඳහා වැඩ ගොඩක් කළ ද රටේ ආර්ථිකය ගැන අලුත් දැක්මක් අවශ්‍ය බව කී ඒ මහතා ඒ සඳහා පැරණි දේශපාලනයෙන් බැහැරව විකල්ප ආර්ථිකයක් ගැන අවධානය යොමු කළ යුතු බව ද සඳහන් කළේය.

ත්‍රස්ත විරෝධී පනත සහ මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත පිළිබඳ බරපතළ ගැටලු ඇති බවත් මහ බැංකුව යම් මට්ටමකින් ස්වාධීන කළ යුතු යැයි පෞද්ගලික අදහස බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published.