කොස්ගම ඝාතනයට 5ක් අත්අඩංගුවට

කොස්ගම මූනමලේ වත්ත  ප්‍රදේශයේදී ඉකුත් 29 දා  පුද්ගලයෙකුට පහරදී කඩු වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචි (35) පුද්ගලයෙකි. පුද්ගලික ආරවුලක් සැකකරුවන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.