ප්‍රති ත්‍රස්ත පනත කල් යයි

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කර තිබේ.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ, විපක්ෂයේ නියෝජිතයින්, නීතිඥවරුන් හා සමාජ ක්‍රියාකාරීන් විසින්  සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය.

අදාළ පනත් කෙටුම්පත අධ්‍යයනය කර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාලය ලබාදීමට පියවර ගන්නා ලෙස ඔවුන් විසින් ඉල්ලීම් සිදුකර තිබූ බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂය සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබන 25 වැනිදා ආංශික කමිටුවේ දී සාකච්ඡා කිරීමට ද තීරණය කළ බවය.

ඒ අනුව අප්‍රේල් මස අවසානයේ හෝ මැයි මස මුල දී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published.