හරක් කටා සහ කුඩු සළිඳු ට දුන් ජෙට්යානය ගැන හර්බි කට අරී

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂික හෙවත් ‘කුඩු සළිඳු’ ට ඩුබායි සිට මැඩගස්කරය බලා යෑමට පෞද්ගලික ජෙට් යානය වෙන්කරවා දුන් නිර්මාණ බණ්ඩාර නොහොත් ‘හර්බි’ නමැත්තා ත්‍රස්ත චෝදනාවලින් නිදහස් වූවකු බව ඔහු පැවසීය.

සළිඳු මල්ෂික හෙවත් කුඩු සළිඳු සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එමගින් ඔවුන් අධිකරණයට පවසා තිබුණේ හරක් කටා හා කුඩු සළිඳු ඩුබායි සිට මැඩගස්කරය බලා ගමන් කළ ජෙට්යානය ඔවුන්ට සපයා ඇත්තේ, LTTE ත්‍රස්ත ජාලය සමග සෘජුවම සබඳතා පවත්වන ලද නිර්මාණ බණ්ඩාර නොහොත් හර්බි යන පුද්ගලයෙකු විසින් බවය.

මේ පිළිබඳව පැහැදිලි කරමින් නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි නම් පුද්ගලයා පැවසුවේ තමන් විසින් ඩුබායි රාජ්‍යයේ පවත්වාගෙන යන නිර්මාණ කාගෝ නම් ආයතනය මගින් හරක් කටා හා කුඩු සළිඳු ලබාදුන් මුදල්වලට ඔවුන්ට පෞද්ගලික ජෙට්යානය වෙන් කළ බවය.

එමෙන්ම 2006 වසරේදී ව්‍යාපාරිකයෙකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගත්ත ද පසුකාලීනව නීතිපති දෙපාර්තමේන්තුව මගින් එම චෝදනාවලින් ‘හර්බි’ නැමැත්තාව නිදහස් කරන බව දැනුම්දුන් බවද ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.