ප්ලාස්ටික් ද්‍රව්‍ය ආනයනය තහනම් කෙරෙන ගැසට්ටුව අද එයි

ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනය තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (10) නිකුත් කිරීමට නියමිතය.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ එම ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් එම ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

එම ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පසු ජුනි 1වන දා සිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනයට අදාළ තහනම බලපැවැත් වේ.

ඒ අනුව ප්ලාස්ටික් පයිප්ප සහ උපාංග, ප්ලාස්ටික් පිඟන් භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, ප්ලාස්ටික් සනීපාරක්ෂක වැසිකිළි උපාංග ආනයනය තහනම් වේ.

එමෙන්ම යෝගට් කෝප්ප හැර එක් වරක් පමණක් භාවිත කළ හැකි කෝප්ප, ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි, කෘතිම මල්, කොළ සහ පළතුරු ආදියද ආනයනය තහනම් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.