ගුටි කෙළියකින් නිමා වූ සංගීතය

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා නාගොල්ලාගම රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (09) නාගොල්ලාගම නගරයේ පොළ භූමිය තුළ රාත්‍රී කාලයේ ආරම්භ කළ ආධුනික ගීත ප්‍රසංගයක් අවසානයේ දී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මත එම පිරිස තුවාල ලබා ඇති බවය.

තුවාලකරුවන් සිව්දෙනා අතරින් එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබේ.

එම පහරදීමට අදාළව පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවට ගෙන යතුරුපැදි 4ක් සහ පහරදීමට උපයෝගී කරගත් යකඩ බටයක් පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුට ගත් සැකකරුවන් අවුරුදු 16ත් 47ත් අතර වයස්වල පසු වේ.

සැකකරුවන් අද (10) දින මහව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.