අණ නොතකා ධාවනය කළ මෝටර් රථයට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොල්ගහවෙල අධිකරණය අසල දී පොලීසිය විසින් වෙඩිතබා තිබේ.

එම මෝටර් රථයේ හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත එය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අණකර තිබූ බව සඳහන්ය.

නමුත් එය අණ නොතකා ධාවනය කරන විට පොලීසිය විසින් එයට වෙඩිතබා ඇති අතර, එම වෙඩි පහර මෝටර් රථයේ ටයරයකට වැදී තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ, මෝටර් රථය කිලෝමීටරයක් පමණ ධාවනය වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එය නවතා එහි සිටි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෝටර් රථය තුළ වයස මාසයක පමණ බිළිඳෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් සිට ඇත

Leave a Reply

Your email address will not be published.