ඉන්දියාව චීනය අභිබවා යයි ?

බිලියන 1.408ක ජනගහනයකින් යුතු අසල්වැසි ඉන්දියාව ජනගහනය අතින් දෙවැනි වන්නේ බිලියන 1.41ක ජනගහනයකින් යුතු චීනයට පමණයි.
 
මේ මාසයේ දෙවැනි අර්ධයේදී චීනය පසුකරමින්, ලොව වැඩිම ජනගහනය ඇති රට බවට ඉන්දියාව පවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරයි.

2011 වසරේ සිදුකළ සංගණනයේදී ඉන්දියාවේ ජනගහනය දැක්වුණේ බිලියන 1.21ක් ලෙසය.

ඒ අනුව ගෙවුණු වසර 12 තුළ ඉන්දියාවේ ජනගහනය මිලියන 210කින් පමණ ඉහළ ගොස් තිබේ.

එය බ්‍රසීලයේ සමස්ත ජනගහනයට සමාන අගයකි.

ඉන්දියාව වසර ගණනාවක් තිස්සේ උපත් පාලනයට යොමුව සිටින අතර ජාතික සඵලතා ප්‍රතිශතය 2.0ක අගයක පවත්වාගැනීමට සමත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published.