තවත් රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුව හමුවට

මේ වසර තුළ සියලුම රාජ්‍ය ආයතන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන 420ක් ඒ අනුව කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බවය.

විගණකාධිපති වාර්තාවට අනුව රාජ්‍ය ආයතන කෝප් කමිටුව හමුවට වාර්ෂිකව කැඳවීම් සිදුකළ යුතු වුව ද එය නිසි ආකාරයෙන් සිදුනොවන බව වාර්තා වෙයි.

මේ අතර අප්‍රේල් මාසය තුළ තවත් රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

එම ආයතනවලින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මේ වසර තුළ කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර පසු විපරමක් ලෙස ඒවා යළි කැඳවීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published.