අව්ව සැර ද? පරිස්සමින්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (17) දිනයේ ද අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් කිහිපයකත් එම තත්ත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා,

“මේ කියන ඇඟට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවට අපේක්ෂා කරනවා. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට එළිමහනේ කටයුතු කිරීමේ දී අධික වෙහෙසකර කටයුතුවලින් වැළකී ඉන්නවා නම් හොඳයි. ඒ වගේම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අද දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් දකුණු සහ ඌව පළාත්වලත් වයඹ සහ උතුරු මැද පළාත්වලත් සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන අතර සෙසු පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇතිවෙයි.”

Leave a Reply

Your email address will not be published.