අප්‍රේල් මස 22 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කිරීමට නියමිත අවුරුදු උත්සවය සඳහා සහභාගිවීම වර්ජනය කරමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසයි.
සමස්ථ ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ සභාපති පී. කේ. රනුග්ගේ මහතා සඳහන් කළේ ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථාවක එම අවුරුදු උත්සවය සඳහා විශාල මුදලක් වැයකිරීමට රජය පියවර ගෙන ඇති බවය.
“සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පරිපාලනය විසින් යම් යම් බලපෑම් කරමින් කළමණාකරුවන් බිය වද්දමින් තමන්ගේ ලක්ෂ 816ක් වියදම් කිරීමේ වැඩසටහන කලින් ක්‍රියාත්මක කරන තත්ත්වයකට පත්කරලා තියෙනවා. සමෘද්ධි කළමණාකරුවන් ඔය බියගුලු වැඩවලට බයවෙන්නේ නැහැ. ඇතැම් දේශපාලන ඇම්බැට්ටයින් යොදාගෙන කළමණාකරුවන් බිය වැද්දීම්, මාරුකරන බවට තර්ජනය කිරීම් කරමින් ලක්ෂ 816ක් වියදම් කරමින් මේ කරන්න හදන ක්‍රියාවලිය බොරුවෙන් ගෙනියන්න උත්සාහ කරනවා නම් ඒක මිත්‍යාවක් කියන එක අපි සමස්ථ ලංකා සමෘද්ධි කළමණාකරුවන් අවධාරණය කරනවා. ඒ වගේම සමෘද්ධි කළමණාකරුවන් එක හඬින් අප්‍රේල් 22ක අවුරුදු උත්සව වර්ජන ක්‍රියාවලියේ ඉන්නවා. ඒකට අදාළ කිසිදු වියදමක් සහතික කරන්නේ නැහැ.”