අලවතුගොඩ මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය ප්‍රචාරයක්

අලවතුගොඩ මුස්ලිම් පල්ලියට බෝම්බ එල්ල වන බවට කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නැතැයි ශ්‍රී ලංකා ආරක්‍ෂක නිලධාරීන් පවසයි.

මධ්‍යම පළාතේ අලවතුගොඩ පොලිස් ස්ථානයට 118 හදිසි දුරකථන අංකය හරහා ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ තර්ජනයක් එල්ල විය හැකි බවට ඔත්තුවක් ලැබී තිබේ.

ඇමතුම ලැබී ඇත්තේ ඊයේ (18) පස්වරු 2.45 ට පමණය. මේ අනුව ඊට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

ස්ථානාධිපතිවරයාට මෙම ඔත්තුව ලැබුණද මෙම තර්ජනය තහවුරු කිරීමට මෙතෙක් බුද්ධි වාර්තා ලැබී නොමැති බව ආරක්‍ෂක අංශ නිලධාරීන් සඳහන් කරයි.

කෙසේ වෙතත්, ආරක්ෂක පියවරක් ලෙස ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.