බිරිඳව පැහැර ගත් සැමියා පොලීසියට භරවෙයි

හලාවත, මුනුවන්ගම ප්‍රදේශයෙදී සිය බිරිඳ පැහැරගත් සැමියා අද (22) හලාවත පොලීසියට භාරවී තිබේ.

ඒ, පසුගිය 19 වනදා ඔහු විසින් පැහැරගත් 18 හැවිරිදි විවාහක තරුණ බිරිඳ ද සමගිනි.

ඒ අනුව අදාළ කාන්තාවගේ සැමියා බව කියන දඹුල්ල ප්‍රදේශයේ 21 හැවිරිදි සැකකරුව හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසේ සිටි තම දියණියව පැහැරගෙන ගිය බවට අදාළ කාන්තාවගේ මව්පියන් විසින් හලාවත පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව හලාවත මුලස්ථාන පොලීසියේ කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

පොලිස් කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් තිබුණ ද සැකකාර සැමියා හා පැහැර ගැනීමට ලක්වු තරුණ කාන්තාව සොයා ගැනීමට නොහැකිවීම නිසා සැකකරුගේ ඥාතියකු පොලිස් භාරයට ගෙන තිබුණි.

ඉන්පසු සැකකාර තරුණයා අදාළ කාන්තාව ද සමග පොලීසියට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published.