මිරිහානේ මනුෂ්‍ය ඝාතනයක්

අද (23) අලුයම මිරිහාන පොලිස් වසමේ ගල්වල පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, එම පහරදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවය.

බරපතළ තුවාල ලැබීමෙන් මියගොස් ඇත්තේ, 34 හැවිරිදි සජිත් මධුසංක නැමති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ 53 හැවිරිදි මුරමුදලිගේ රත්නායක බන්දුල නැමති දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරු මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් වන බව පොලීසිය පැවසීය.

සැකකරු එම අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් සැකකරු මරණකරුගේ ඥාතියෙක් බවත් දෙපාර්ශවය අතර ඇති වු බහින්බස් වීමක් හේතුවෙන් පිහි ඇනුම සිදුකර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

පානදුර ආරච්චිගේ වාසනා විපුල පෙරේරා නැමති සැකකරුව අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.