සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව බේරාගත් බව විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.
ඔහු පැවසුවේ සුඩානයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකුගේ තොරතුරු ලැබුණු බවත් ඉන් 13 දෙනෙක් බේරාගත් බවත්ය.
ඉතිරි පිරිස ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විමසීමේදි පැවසීය