සමෘද්ධි පවුල්වලින් සියයට 33ක් ගැන හෙළිදරව්වක්

සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල්වලින් 33% කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභ හිමි නොවිය යුතු පවුල් බව කෝපා කම්ටුවේදී අනාවරණය විය.

ඒ අනුව ඊට ආසන්න පවුල් ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි වියයුතු පවුල් වුවද එම පවුල් සඳහා සමෘද්ධි ප්‍රතිලාභය හිමිවී නොමැති බවත් එහිදී හෙළිවී තිබේ 

2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වනපරිදි කරන ලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හඳුනාගෙන ඇති අතර සංඛ්‍යාත්මකව පවුල් 449,979ක් සමෘද්ධි සහනාධාරය ඉවත් කළ යුතු පවුල් බව මෙහිදී හෙළිවී ඇත.

එසේම මෙම සමෘද්ධිලාභීන් තෝරාගැනීම් සිදු කිරීමේදී අවිධිමත් බවක් නිරීක්ෂණය වන බවද ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පෙන්වාදී තිබේ.

මේ පිළිබඳ අනාවරණය වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published.