නේපාලයේ භූ කම්පන දෙකක්

නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතුව පළමු භූ කම්පනය හටගෙන ඇති බවය.

ඉන් පැය දෙකකට පමණ පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව දෙවන කම්පනය හටගෙන ඇති බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

භූ කම්පනය නේපාලයේ දිස්ත්‍රික්ක රැසකට දැනී ඇති අතර සුළු පසුකම්පන තත්වයක්ද වාර්තා වී තිබේ.

ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.