සාම‍ණේර හිමිනමකට බරපතළ ලිංගික හිරිහැර

අවුරුදු 11ක් වයසැති සාමාණේර හිමිනමකට වසර 03ක සිට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ලවී ඇති විහාරාධිපති හිමිනමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන්නමක් විහාරස්ථානයෙන් පළාගොස් ඇතැයි පයාගල පොලීසිය පවසයි.

පයාගල ගොරකදෙනිය විහාරස්ථානයකදී මෙම සිද්ධිය සිදුවී ඇත.

සාමණේර හිමිනමගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, සාමණේර හිමිනමට 2021 වර්ෂයේ සිට විහාරාධිපති හිමියන් සහ තවත් ස්වාමීන්වහන්සේලා දෙනමක් සිය කුටිවලදී වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකළ බවටය.

සිද්ධියට මුහුණ දුන් සාමණේර හිමිනම වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.

පයාගල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකෙරෙයි.

Leave a Reply

Your email address will not be published.