යාළුවා මරා රට පනින්න බැරිවෙයි

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී එකට කා බී මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන දෙදිනක් සැහවී සිට  විදෙස්ගත වීම සඳහා  කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

සැකකරු පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ පාලකවරයාට මේ සම්බන්ධයෙන්  තොරතුරු ලබා දීම නිසා සැකකරුට රටින් පලා යාමට නොහැකිව අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු අතින් ඝාතනයට ලක් වූයේ ඔහුගේම මිතුරකු වන අම්බලන්ගොඩ හිරේවත්ත පදිංචි ආර්.ජේ.රොෂාන් කුමාර නමැති හතලිස් දෙහැවිරිදි තිදරු පියෙකි.

අම්බලන්ගොඩ ධර්මාශෝක හා දේවානන් විදුහල් අතර පැවති වාර්ෂික එක් දින කිකට් තරගය නැරඹීමට ගොස් එකට මත් පානය කරමින් සිටියදී ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් මේ ඝාතනය සිදුවී ඇති බවද පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published.